ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.
පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම පිපිරීමට හේතුව පැහැදිලි නැති බවයි. රික්ෂෝ රථයක පිටුපස බෝම්බයක් පුපුරා ගිය බව නිලධාරීහු පවසති.
එම ගම්මානයේ ආගමික උත්සවයක් පැවති බවත් නිවසක් ආසන්නයේ පිපිරීම සිදුව ඇති බවත් ඔවුහු පවසති.
කෙසේවුවද ප්‍රදේශවාසීන් පවසන්නේ ළමුන් පිරිසක් යම් දෙයක් වෙළෙන්දෙකුට විකිණීමට සූදානම් වන අවස්ථාවේ එය පුපුරා ගිය බවයි.
මෙම පිපිරීම අහම්බෙන් සිදුවූවක් බව තලේබාන් සංවිධානය ද ප්‍රකාශ කර ඇත.
රික්ෂෝ රථයක් පදවාගෙන ගම්මානයට ඇතුළු වූ පුද්ගලයෙකු වටා ළමයින් එක්රැස්වූ බවත් ක්ෂණිකව පිපිරීමක් සිදුව ඇති බවත් ගාස්නි ආණ්ඩුකාර කාර්යාලය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි