පිලිපීන හමුදා යානයක් කඩා වැටේ


පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක අමාත්‍ය ඩෙල්ෆින් ලොරොන්සේ මීට ටික වේලාවකට ප්‍රකාශ කළේය.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය.

ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ.

අනතුරට පත්ව ඇත්තේ සී-130 හර්කියුලිස් වර්ගයේ හමුදා ගුවන් යානයකි.

(ඒ.එෆ්.පී.)