පිලිපීනයට භූමි කම්පාවක්


රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක භූමි කම්පාවකින් පිලිපීනය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ උදෑසන 8.24 ට පමණය.

භූමි කම්පාවෙන් නගර කීපයකට සුළු හානි සිදුවුණු බව ද වාර්තා වේ. ජීවිත හානි කිසිවක් සිදුවී නැත. භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ මැනිලා අගනුවරටය.

(ඒ.එෆ්.පී.)