පිලිපීනයේ මාධ්‍ය නිදහස අහිමි වෙයි


පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතා ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) හෙවත් බොංග්බොංග් දිවුරුම් දෙද්දී, පිලිපීනයේ ප්‍රධානතම ගවේෂණාත්මක මාධ්‍ය වෙබ් අඩවියක් නවත්වා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

නවතා දැමුණේ 2021 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මරියාf රෙසා විසින් පිහිටුවනු ලැබූ පිලිපීන රජයේ දූෂණ වංචා අනාවරණය කළ ‘රැප්ලර්’ නමැති වෙබ් අඩවියයි.

පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේස්ගේ රජයේ දූෂණ වංචා රැසක් අනාවරණය කළේ මෙම වෙබ් අඩවිය බව පැවැසෙයි. පිලිපීනයේ නව උප ජනාධිපති ධුරය හොබවන්නේ රොද්‍රිගෝ ඩුටරේස්ගේ දියණිය සාරා ඩුටරේස් ය.

64 හැවිරිදි ෆර්ඩිනැන්ඩ් මාකෝස් හෙවත් ‘බොංග්බොංග්’ පසුගිය මැයි 9 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය.

(රොයිටර්)