ලබන 2024 වසරේ, ‘ජී20’ රාජය නායක සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට හිමිවුණු අතර, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ගැන අදහස් දැක්වීමක් කළේය.
බ්‍රසිල ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ, ලබන වසරේ බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැත්වීමට නියමිත ‘ජී20’ සමුළුවට පැමිණෙන පුටින් අත්අඩංගුවට ගැනීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බවය.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණය පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. එහෙයින්, පුටින් විදෙස් සමුළු මග හරින බව පෙනෙයි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ සමුළුවට ද පුටින් සහභාගී වූයේ නැත.