ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස විවේචනය කළේය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, සාම සාකච්ඡා පවත්වා රුසියන් ජනාධිපති පුටින් එකඟත්වයකට යෑම අසීරු බව ද ජනාධිපති සෙලෙන්ස්කී එම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
‘පුටින් එක්ක සාකච්ඡා කරලා එකඟතාවක් ඇති කර ගැනීම භයානකයි. වැග්නර් කුලී හේවා බලඇණියේ නායක යෙව්ගිනි ප්‍රෙගොෂින්ට සිදුවුණු දේ අමතක කළ නොහැකියි. බලය අල්ලා ගැනීමට උත්සාහ කළා ඔහුට චෝදනා එල්ල වුණා. පුටින් සමඟ සාකච්ඡා කරලා එකඟත්වයක් ඇති කර ගත්තා. අන්තිමේදී ප්‍රෙගොෂින්ට මැරෙන්න සිදුවුණා’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.