යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට දොස් නැගුවේය. රුසියන් ජනාධිපතිවරයා මෙසේ බටහිර රටවලට දොස් නැගුවේ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සමඟ පැවැත්වූ දුරකතන කතාබහක් අතරතුරේය.
ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී බටහිර බලවතුන් අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එයින් සිදුවන්නේ රුසියන් යුක්රේන අර්බුදය තව තවත් උත්සන්න වීම බවත් රුසියන් ජනාධිපතිවරයා තුර්කි ජනාධිපති එර්දොවාන්ට පෙන්වා දුන්නේය.
පසුගිය දා මහා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ හමුදාවේ ඇති ‘චැලෙන්ජර් 2’ වර්ගයේ ප්‍රබල යුද ටැංකි දෙකක් යුක්රේන හමුදාවට ලබා දුන්නේ රුසියන් හමුදාවෙන් එල්ල වන ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමටය. තවත් යුද ටැංකි 4 ක් යුක්රේන හමුදාවට ලබා දීමට බ්‍රිතාන්‍ය රජය සූදානමි සිටී.
මේ අතර ඇමෙරිකාව සහ ප්‍රංශය ඔවුන් සතු මිසයිල නාශක පද්ධති යුක්රේන හමුදාවට ලබා දී ඇත. රුසියාවෙන් යුක්රේන නගරවලට එල්ල වන මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට පමණක් නොව, රුසියාවේ ඉලක්ක වෙත පහර දීමට ද එම මිසයිලවලට හැකියාව තිබේ.
තුර්කිය නේටෝ සාමාජික රටක් වන නමුත් තුර්කි ජනාධිපති එර්දොවාන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ හොඳ මිත්‍රත්වයක් පවතී. රුසියාව, අසල්වැසි යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනට ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියන් යුක්රේන අර්බුදයට, තුර්කි ජනාපධිති එර්දොවාන් මැදිහත් වී සිටී. ඔහු දිගින් දිගටම පුටින්ට පවසා ඇත්තේ සාමකාමී මාවතකට පිවිසෙන ලෙසය. රුසියන් ජනාධිපති පුටින් සහ තුර්කි ජනාධිපති එර්දොවාන් අතරේ පැවැති දුරකතන කතාබහ පැවැතියේ ද යුක්රේක අර්බුදය සම්බන්ධයෙනි.
(රොයිටර්)