රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කරමින් ආරම්භ කළ යුද්ධය නිමා කරනු ඇත්තේ, ලබන මැයි 9 වැනිදා යැයි බුද්ධි තොරතුරු උපුටා දක්වමින් යුක්රේන බලධාරීහු පවසති.
දෙවැනි ලෝක යුද සමයේ දී, රුසියාව හිට්ලර්ගේ නාසි හමුදා පරාජය කළේ මැයි 9 වැනිදා වීම ඊට හේතුව බව යුක්රේන බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කරති.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අසල්වැසි යුක්රේනයට එරෙහිව 'හමුදාමය ක්‍රියාමාර්ගයක්' ගත්තේ, මීට මාසයකට පෙරය. රුසියාව පවසන්නේ, ඔවුන්ගේ 'හමුදාමය ක්‍රියාමාර්ගය' සැලැසුම් කළ අන්දමින් සිදුවන බවය.
කෙසේ නමුත්, යුක්රේනය සහ බටහිර රටවල් පවසන්නේ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ නිර්භීතබව නිසාත්, යුක්රේන සිවිල් වැසියන් ද අවි අතට ගෙන යුක්රේන හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදීම නිසා රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇති බවය.
(ඩේලිමේල්)