පුටින් හමුවන්න ඕනෑම වේලාවක සූදානම්


තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දරුණු ලෙස විවේචනය කළත්, පුටින් මුහුණට මුහුණ හමුවීමට එය බාධාවක් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පුටින් හමුවීමට කැමැති වන්නේ පුටින් තමන් සමඟ වැදගත් හරවත් සාකච්ඡාවක් පැවැත්වීමට කැමැති වෙනවා නම් පමණක් යැයි ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

රුසියන් ජනාධිපති පුටින් නරුමයකු බවත්, පිස්සකු බවත්, ඔහු ජනාධිපති ධුරයේ සිටිය යුතු අයකු නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ පවසා තිබේ.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙලෙස පුටින්ට චෝදනා කළත් රුසියන් රජය පෙරැළීමට හෝ ජනාධිපති පුටින් බලයෙන් නෙරපීමට හෝ ඇමෙරිකාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)