උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී ඇත්තේ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යැයි පැවැසෙයි.
උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇත. රුසියානු ජනාධිපති පුටින්, උතුරු කොරියා නායකයාට තෑගි වශයෙන් මෝටර් රථයක් එරටට යැවීම එම සම්බාධක උල්ලංඝනය කිරීමක් යැයි ද ජගත් මාධ්‍ය පෙන්වා දෙයි.
රුසියාවත් උතුරු කොරියාවත්, එක ළඟ පිහිටි රටවල් දෙකකි. රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියන් නායක කිම් ජොන් උන් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාව, උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගන්නා බවත්, රුසියාව, උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහනට සහ අභ්‍යවකාශ වැඩසටහනට සහාය දක්වන බවටත් ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වී ඇත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට ජනාධිපති පුටින් තෑගි වශයෙන් ලබා දුන් මෝටර් රථය නායක කිම් ජොන් උන්ට ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.
(ඒ.එෆ්.පී.)