පුටින්ගේ කොන්දේසිවලට එකඟ වෙන්න බෑ


ගැටුම් නතර කිරීමට රුසියාව ඉදිරිපත් කළ කොන්දේසිවලට තමන් එකඟ නොවන බවත්, රුසියාව උත්සාහ ගන්නේ තම රට මුළුමනින්ම විනාශ කර දැමීමට බවත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට සාම කොන්දේසි හයක් ඉදිරිපත් කර ඇති අතර, එම කොන්දේසිවලට යුක්රේනය එකඟවන්නේ නම් වහාම යුද්ධය නවත්වන බව අවධාරණය කර තිබේ.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී එම කොන්දේසි තරයේ ප්‍රතික්ෂේප කරයි.රුසියාව ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට එකඟ වෙනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ තමන් නොව, යුක්රේන ජනතාව බවත්, එසේ කිරීමට නම් ජනමත විමසුමක් පැවැතිය යුතු බවත් සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.

(රොයිටර්)