දෙවැනි ලෝක යුද්ධයේදී රුසියන් හමුදා නාසි ජර්මනිය පරාජය කිරීම සමරමින්, රුසියාවේ මොස්කව් අගනුවර පැවැති විජයග්‍රාහී සැමැරුමේදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, විජයග්‍රාහී සැමරුමේ දී රුසියන් සොල්දාදුවන් සහ රුසියන් ජනතාව ආමන්ත්‍රණයට කරමින්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කළේය. යුක්රේනයේ නාසිවාදය පරාජය කළ යුතු බව ජනාධිපති පුටින් අවධාරණය කළේය.
පුටින්, යුක්රේනයේ 'නාසිවාදය' යනුවෙන් හඳුන්වන්නේ එරට ජාතිකවාදී ප්‍රතිපත්තිය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්නේ 'නාසිවාදයෙන්' යුක්රේනයේ සිටින රුසියන් හිතවාදීන් ආරක්ෂා කර ගැනීමට බව ජනාධිපති පුටින් යළිත් අවධාරණය කළේය.
'රුසියන් ජනාධිපතිවරයා විජයග්‍රාහී සැමැරුමේදී කළ ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකියි. එය සාධාරණීකරණය කිරීමට ඔහු උත්සාහ ගන්නා ආකාරයක් සැමවිටම පෙනෙනවා. කෙසේ නමුත්, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් පුටින්ට සමාව දීමට හැකියාව නැහැ' යැයි ඇමෙරිකන් රජය වෙනුවෙන්, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)