රුසියන් යුක්රේය යුද්ධය අවුළුවන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකාවට සහාය දක්වන රටවල් බවටත්, දකුණු කොරියාව යුක්රේනයට අවි ආයුද ලබා දෙන බවටත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය දකුණු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පවසා ඇත්තේ, පුටින්ගේ එම ප්‍රකාශය හේතුවෙන් රුසියාවත් දකුණු කොරියාවත් අතරේ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවුල් විය හැකි බවය.
(රොයිටර්)