රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමෙරිකන් රජයට සහාය පළ කරමින් රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකන් සමාගම් බොහොමයක් රුසියාවට සම්බාධක පනවමින්, රුසියාව සමඟ සබඳතා අත්හිටුවීමට පීයවර ගෙන තිබේ.
එසේ සබඳතා අත්හිටවූ එක් ඇමෙරිකන් සමාගමක් ලෙස මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සැලකෙයි.
ලෝක ප්‍රකට ක්ෂණික ආහාර වෙළඳ ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් රුසියාවේ ඇති ඔවුන්ගේ අවන්හල් 800 කට වැඩි ප්‍රමාණයක් දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළේය. ඒ එම අවන්හල්වලින් බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ප්‍රිය කරන රුසියානුවන් අමාරුවේ දමමිනි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා මැදිහත් වී, රුසියාවේ බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි ආහාරලෝලීන් වෙනුවෙන් අපූරු ක්‍රියාමාර්ගයක් ගත් අතර, එය සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් කතාබහට හේතුවක් වී ඇත.
මැක්ඩොනල්ඩ්ස් අලෙවිසැල් වසා දැමීමත් සමඟ රුසියානු රජය සන්නාමගත අවන්හල් සියල්ලම වෙනත් නමකින් නම් කර ඇත්තේ මැක්ඩොනල්ඩ් ලාංඡනය ද සියයට 90 කින් කරකවා වෙනස් කරමිනි.
ඒ අනුව රුසියාව අලුතින් විවෘත කළ ආහාර අලෙවිසැල් හැඳින්වෙන්නේ අංකල් වන්යා යනුවෙනි. දේශීය වශයෙන් වගා කරන ලද අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරන බැවින් අංකල් වන්යා අවන්හල්වල ආහාර මිල ද ඉතා අඩු බව පැවැසෙයි.
(බිස්නස් ඉන්සයිඩර්)