පෘථිවියේ ජලය සමීක්ෂණය කිරීමේ අරමුණින් ආවේක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට නාසා ආයතනය කටයුතු කළේය.
ස්පේස් එක්ස් රොකට්ටුවක ආධාරයෙන් කැලිෆෝනියාවේ සිට පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරියේ ප්‍රංශ අභ්‍යවකාශ ආයතනයේ මූලිකත්වයෙන් නිර්මාණය කළ චන්ද්‍රිකාවකි.
බිලියන ගණනක ව්‍යාපෘතියක් යටතේ නිර්මාණය කළ මෙම චන්ද්‍රිකාව පෘථිවියේ සෑම අස්සක් මුල්ලක්ම හොදින් නිරීක්ෂණය කරනු ඇත්තේ ජලය කොතරම් ප්‍රමාණයක් ඇතිදැයි සොයමිනි.
Surface Water and Ocean Topography (SWOT) යන නමින් නම් කළ චන්ද්‍රිකාව කිලෝ මීටර් 890 ක් ඉහළින් රැදවිණි.
(බීබීසී)