පෙළපාළියකට මෝටර් රථයක් කඩා වැදිලා


ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි නුවර නත්තල් පෙළපාළියක් පැවැත්වෙද්දී, ඊට සහභාගීවූවන් මැදට මෝටර් රථයක් කඩා වැදුණි.

මෝටර් රථයේ හැපීමෙන් සහ මෝටර් රථයට යටවිමෙන් 48 දෙනකු තුවාල ලැබූ බව රෝහලං ආරංචි මාර්ග පවසයි. එම 48 දෙනාගෙන් කීපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් මේ වනවිටත් දෙනකු මියගොස් ඇති බවත් ඇමෙරිකන් පුවත් සේවා සඳහන් කරයි. තුවාල ලැබූ 48 දෙනාගෙන් 20 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශයේ මැදිහත් වීමෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇක. සිද්ධිය සම්බන්ධයෙන් තමන් මහත් සේ කම්පනයටත් කැලැඹීමටත් පත් වුණු බව මිල්වෝකී පුරපති ෂෝන් රයිලී මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(රොයිටර්)