පේලේගේ තත්ත්වය යහපත් අතට


ස්වසන පද්ධතියේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල් ගත කළ බ්‍රසීල පාපන්දු සුපුරි තරුව පේලේගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

82 හැවිරිදි පේලේ ඇතුළත් කෙරුණේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.

පේලේ සැලකෙන්නේ එදා මෙදා ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙසය.

1958, 1962 සහ 1970 වසරවල පැවැති පාපන්දු ලෝක කුසලාන බ්‍රසීලයට දිනා දුන්නේ පේලේ බව අවිවාදයෙන් පිළිගැනෙයි.

(රොයිටර්)