පෝලන්ත ජනාධිපති ඇන්ද්‍රෙස් ඩූඩා යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ යුක්රේන පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු, යුක්රේන පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට ආ පළමු විදෙස් රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපති ඩූඩාය.
පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර පෝලන්තය යුක්රේනයේ සමීපතම අසල්වැසියෙකි. පෝලන්ත ජනාධිපති ඩූඩා යුක්රේන පාර්ලිමේන්තුව අමතමින් පැවැසුවේ පෝලන්තයේ සහාය දිගටම යුක්රේනයට සහාය ලැබෙන බවය.
පෝලන්ත ජනාධිපති ඩූඩා පාර්ලිමේන්තුව ඇමැතීම ඓතිහාසික සිදුවීමක් බවත් එය යුක්රේනයට විශාල ශක්තියක් බවත් පෝලන්ත ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනිමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
(රොයිටර්)