පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’


පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’ ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එක් රටකින්, ‘කුරුලු උණ’ ආසාදිත බළලුන් මෙසේ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පෝලන්ත සෞඛ්‍ය බලධාරීන්ට අනුව, පසුගිය මාසයේ අසාමාන්‍ය විදියේ බළල් මරණ කිපයක් සිදුවිය. ඒ අනුව, ඒ ගැන විමර්ශන පවත්වද්දී ‘කුරුලු උණ’ ආසාදිත බළලුන් 29 ක් හමුවිය.

මේ වනවිට ආසාදිත බළලුන් ගණන 46 තෙක් ඉහළ ගොස් ඇති බවත්, ඔවුන්ගෙන් ද 11 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. අවසන් වරට ‘කුරුලු උණ’ ආසාදිත බළලකු මියගියේ පසුගිය ජූනි 30 වැනිදා යැයි ද පැවැසෙයි.