පාකිස්තාන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය එක්වී, මෙම 2023 වසරේ පෝලියෝ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේය. අවුරුදු 5 ට අඩු දරුවන් මිලියන 44 ක් එන්නත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ යැයි පැවැසෙයි.
තෙදිනක් පුරා, දිස්ත්‍රික්ක 150 ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පොලිසියෝ වයිරසය හිස ඔසවා ඇති ලොව ප්‍රධාන රටවල් දෙකෙන් එකක් පාකිස්තානයයි. අනෙක් රට පාකිස්තානයේ අසල්වැසියා ඇෆ්ගනිස්තානයයි.
2023 වර්ෂය සඳහා පෝලියෝ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් ඉස්ලාමාබාද් අගනුවරිනි.
(රොයිටර්)