බංගලාදේශයේ ඩකා අගනුවර බෝට්ටු දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් තවත් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
බංගලාදේශයේ විශාලම වරාය පිහිටා ඇති බුරිගංගා ගංඟාවේ දී මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් මියගිය පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු, කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ 50ක පමණ පිරිසක් යාත්‍රාවේ ගමන් කර ඇති අතර නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදු වී ඇති බව බලධාරීහු පවසති.
කිමිදුම්කරුවෝ අඩි 40-50 ගැඹුරු ජලයේ සුන්බුන් අතර අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්වල නිරත වෙති.
අල්ජසීරා ඇසුරෙනි
226