බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සිවු දින සංචාරයක් ආරම්භ කරමින් චීනයට පැමිණ සිටී.
අග්‍රාමාත්‍යවරිය සහ චීන ජනාධිපති අතරේ හමුවක් අද (10) පැවැත්වීමට නියමිතය. ඒ, ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව යැයි පැවැසෙයි.
බංග්ලාදේශ අගමැතිනිය මෙසේ චීනය බලා පැමිණියේ, ඉන්දීය සංචාරයක් අවසන් කිරීමෙන් පසුවය. බංග්ලාදේශ අගමැතිනිය ඉන්දියාවේ සංචාරය කළේ පසුගිය ජූනි 21 සහ 22 දිනවලය.
චීන ජනාධිපතිවරයාට අමතරව, බංග්ලාදේශ අගමැතිනිය චීන අග්‍රාමා්‍ය ලී කියැං ද හමුවීමට නියමිතය. බංග්ලාදේශයත් චීනයත් අතරේ අවබෝධතා ගිවිසුම් කීපයකට අත්සන් තැබීමට ද නියමිතය.
(ඒ.එෆ්.පී.)