විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මැද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ නිල වෙබ් අඩවිය, බංග්ලාදේශ මහ බැංකු නිල වෙබ් අඩවිය සහ බංග්ලාදේශ පොලිසියේ නිල වෙබ් අඩවි සයිබර් ප්‍රහාර එල්ල වී අඩපණ විය.
පරිගණක දත්ත සොරුන් එසේත් නැතිනම් හැකර්වරුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ අණ පරිදි එරට පොලිසිය විශ්ව විද්‍යාල සිසුන් ඝාතනය කිරිමට විරෝධය පළ කරමින් යැයි ද පැවැසෙයි.
බංග්ලාදේශ නිදහස සටනට උරදුන් විරුවන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති සියයට 30 ක රජයේ රැකියා කෝටාව සියයට 7 දක්වා අඩුකිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 21 දා නියෝග කළත්, බංග්ලාදේශය් විරෝධතාවල අඩුවක් දකින්න නොලැබෙන බව පැවැසයෙි.
මේ වනවිට ගැටුම් හේතුවෙන් 133 දෙනකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)