බංග්ලාදේශයට ඉන්දියාවට මහ වැසි - ජල ගැලීම්


මහ වැසි හේතුවෙන් බංග්ලාදේශයේත් ඉන්දියාවේත් පළාත් රැසක් යට වී ඇති බවත්, මිලියන ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන 57 ක් යැයි ද පැවැසෙයි. බංග්ලාදේශයේ පමණක් ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ ගණන මිලියන දෙකකි. අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය 57 දෙනාගෙන් 47 දෙනකු වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් දැඩි හානි සිදුවයේ ඇසෑමයටය. ඇසෑමයේ ගම්මාන 3,200 ක් ජලයෙන් යටවී ඇති බවත්, 8,50,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී සිටින බවත් ඇසෑම් බලධාරීහු පවසති.

(රොයිටර්)