බංග්ලාදේශයේ මංගල උත්සවයක් අතරතුරේ සිදුවුණු අකුණු සැර වැදීමකින් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 14 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ජීවිතක්ෂයට පත්වූයේත් තුවාල ලැබුවේත් මනාලයාගේ පාර්ශ්වයේ පිරිසකි. තුවාල ලබා රෝහල්ගත කළ 14 දෙනා අතර මනාලයා ද සිටින බව පැවැසෙයි.
පිරිස බෝට්ටුවක නැගී, මනමාලියගේ නිවසට යද්දී අකුණු සැර වැදුණු බව බංග්ලාදේශ පුවත් සේවා පැහැදිලි කර තිබේ.
බංග්ලාදේශයේ අකුණු අනතුරු බහුල බවත් පසුගිය මැයි මාසයේ පමණක් අකුණු අනතුරුවලින් මියගිය ගණන 200 කට වඩා වැඩි බවත් බංග්ලාදේශ රජය පවසා ඇත.
(රොයිටර්)