එක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැදෙවියෝ 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම අවස්ථාවේදී තවත් රැදෙවියෝ 112 දෙනකු බන්ධනාගාරයෙන් පලා ගියහ.
ගැටුම හටගත්තේ බන්ධන්ධනාගාරයේ සිටි 'ලොස් ලෝබෝස්' සහ 'ආර් 7' නමැති අපරාධ කල්ලි දෙකට අයත් සාමාජිකයන් අතරේය. එක් අපරාධ කල්ලි නායකයකු අධිකරණ නියෝගයකින් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට යෑමේදී කල්ලි දෙක අතරේ ගැටුම හටගත් බව පැවැසෙයි.
ගැටුම පාලනය කිරීමට බන්ධනාගාර නියාමකවරුන්ට හැකියාවක් නොලැබුණු අතර, ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු රැදෙවියෝ බන්ධනාගාරයේ ගිනි දල්වන්න වූහ.
ගැටුම හටගත්තේ එක්වදෝරයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ පිහිටි බන්ධනාගාරයේය. සැන්ටෝ ඩොමින්ගෝ නගරය ඇත්තේ එක්වදෝරයේ ක්විටෝ අගනුවර සිට කිලෝ මීටර් 80 ක් දුරිනි. එක්වදෝරය යනු ලතින් ඇමෙරිකානු රාජ්‍යයකි. ගැටුම මැද පලාගිය රැදෙවියන්ගෙන් 108 දෙනකු අල්ලා ගැනීමට පොලිසිය පසුව සමත් වූ බව ද පැවැසිණි.
(ඒ.එෆ්.පී.)