බන්ධනාගාරගත කෙරුණු හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතැයි ඉම්රාන්ගේ බිරිඳ බුෂිරා බීබී පවසයි.
බන්ධනාගාරයේ දී ඉම්රාන්ට ආහාර සමඟ වස දීමේ අවදානමක් ඇතැයි ද බිරිඳ බුෂිරා බීබී බිය පළ කරමින් පවසා තිබේ. බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, තම සැමියා රාවල්පින්ඩි නුවර ‘ඇඩියාලා’ බන්ධනාගාරයට මාරු කිරීමට කඩිනමින් පියවර ගන්නා බවය.
මේ වනවිට ඉම්රාන් රඳවා ඇත්තේ අපරාධකරුවන් බොහොමයක් රඳවා ඇති ‘ඇටොක්’ බන්ධනාගාරයේය. ‘ඇටොක්’ බන්ධනාගාරය හිටපු අග්‍රාමාත්‍යවරයකුට සුදුසු නැති බව ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙන්වා දී ඇත.