බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා


‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.

ජනාධිපති ජෝ බයිඩන්, රැගත් ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය, බ්‍රසීලයේ මනාවුස් නගරයට ගොඩ බෑ අතර, බයිඩන්, සිය ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරාගෙන ඉන්පසු ‘මැරීන් 1’ නිල හෙලිකොප්ටර් යානයේ නැගී ඇමසන් වැසි වනාන්තරයට ගියේය. 

පා ගමනින් වැසි වනාන්තරයේ ඇවිද ගිය බයිඩන්, වනාන්තරය මැදදී නොවැම්බර් 17 වැනිදා, ඇමසන් වැසි වානන්තරය ද ඇතුළු ලෝකයේ සෙසු වනාන්තර සංරක්ෂණ දිනය ලෙස නම් කරමින්, ලියවිල්ලකට අත්සන් තැබුවේය.

එම අවස්ථාවට බ්‍රසීල රජයේ නියෝජිතයන්, ඇමසන් ස්වදේශීය ගෝත්‍රික වැසියන්ගේ නියෝජිතයන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.