ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කළේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු බයිඩන් එරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ දෙවැනි අවස්ථාව මෙයයි.
ඇමෙරිකාව මුහුණ දෙන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ජනපති බයිඩන්ගේ අවධානය යොමු විය. දේශපාලනික වශයෙන් ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ පවතින බෙදීම් සම්බන්ධයෙන් බයිඩන් කියා සිටියේ එකමුතුව ශක්තිමත්ව කටයුතු කළ යුතු බවය.
විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වද්දී ජනපති බයිඩන්ගේ අවධානය චීනයට යොමු විය. පසුගිය දා කතාබහට ලක්වුණු චීන බැලූනය සම්බන්ධයෙන් ද බයිඩන් අදහස් දැක්වීය.
ඇමෙරිකන් කොංග්‍රසයේ, (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ බයිඩන්ගේ ඩිමොන්‍රටික් පාක්ෂිකයන් සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය අහිමි වීම පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ දී ජනපති බයිඩන්ට අභියෝගයක් වී තිබේ.
(ඒ.එෆ්.පී)