බයිඩන් නුඹට හැංගෙන්න බෑ


ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමින්, ඇමෙරිකාවේ පලස්තීන වැසියෝ වොෂින්ටන් අගනුවරට රැස්වී, ඊශ්‍රායලයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට විරෝධය පළ කළහ.

එම විරෝධතාවට ඇමෙරිකන් පලස්තීනුවෝ 10,000 කට වැඩි පිරිසක් එක්රොක් වී සිටියහ. ඊශ්‍රායලය පලස්තීනුවන් මරා දමමින් ජන සංහාරයක් සිදු කරන බවටත්, ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ ජනාධිපති බයිඩන් බවටත් පලස්තීන වැසියෝ චෝදනා නගන්න වූහ.

‘බයිඩන්. නුඹට හැංගෙන්න බෑ. ජනසංහාරයට නුඹ වගකියන්න ඕනෑ.’ යැයි විරෝධතාවට එක් වූ පලස්තීනුවෝ එක හඬින් චෝදනා නැගූහ.