ඇමෙරිකන් ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයකින්, පළමු ජය හිමි කර ගැනීමට, ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති ජෝ බයිඩන් සමත් විය.
ඇමෙරිකන් ජනාපධිතිවරණය මෙම වසරේ නොවැම්බරයේ දී පැවැත්වෙන අතර, ඊට සහභාගී වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය මෙසේ ජනපද මට්ටමින් මැතිවරණ පවත්වයි.
ජනාධිපති ජෝ බයිඩන්, සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ කැරොලිනා ජනපදයයි. ලැබූ ජය සමරමින්, සිය ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට ස්තුති කළ බයිඩන් කියා සිටියේ, ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත්, ඔහු පහසුවෙන් පරාජය කරන බවය.
මේ අතර, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අතරින් ඉදිරියෙන් සිටින්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)