ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් පදක්කම” පිරිනමා ඇත.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, දුප්පතුන්ට සේවය කිරීම, සාමය සහ ලෝකය ආරක්ෂා කිරීමට පාප්කුමා දැක්වූ සහය අගය කරමිනුයි මෙසේ ගෞරව ප්‍රදානයක් උන්වහස්සේට පිරි නැමීම සිදු කර ඇත.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතින් විශේෂ ගෞරවයක් හිමිකරගත් පළමු පුද්ගලයා, ෆ්‍රැන්සිස් පාප්තුමා වන අතර, මෙම පදක්කම ලැබූ තුන්වන පාප්තුමා වන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමාය.
බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස ඉතාලියටත්, වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් ලොස් ඇන්ජලීස් ළැව් ගිනි හේතුවෙන් එම සංචාරය අවලංගු කෙරුණි.
මීට අමතරව හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු මයිකල් ජේ. ෆොක්ස්, සම්මානනීය නළු ඩෙන්සල් වොෂින්ටන්, ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසී ද ඇතුළු
කැපී පෙනෙන පුද්ගලයන් 19 දෙනෙකුට ද ජෝ බයිඩන් නිදහසේ පදක්කම් පිරි නැමීම කළේය.
(සී.එන්.එන්.)