ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ජිනීවාහිදී ලබන මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය.
“නායකයන් දෙදෙනා වර්තාමනයේ විශාල අවධානයක් යොමු වී ඇති කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත යි. එමෙන්ම ඇමෙරිකානු-රුසියානු සම්බන්ධතා ස්ථාවර කරගැනීමටත් එම සම්බන්ධතා පුරෝකථනය කළ හැකි බව තහවුරු කරගැනීමටත් ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වෙනවා” යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ප්‍රකාශ කළාය.
රුසියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණවලට බලපෑම් කිරීම, රුසියාව එරට සිට ඇමෙරිකාවට සයිබර් ප්‍රහාර එල්ල කිරීම, යුක්රේනයේ ස්වෛරීත්වයට තර්ජනය කිරීම සහ පුටින් පාලනය දැඩිව විවේචනය කරන විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සෙයි නවාල්නි නිදහස් කිරීම යනාදිය නැවැත්වීමට රුසියාවට සහ එරට ජනාධිපති පුටින් පියවර ගත යුතු යැයි මීට පෙර අවස්ථා ගණනාවකදීම ජෝ බයිඩන් පවසා තිබිණි.
(රොයිටර්)