බයිඩන් යළි ධවල මන්දිරයට


නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට උප ජනපතිනී කමලා හැරිස් සුදුසු යැයි පවසමින්, ජනාධිපති ධුර සටනින් ඉවත් වුණු ජනාධිපති ජෝ බයිඩන් දින කිහිපයකට පසු යළි ධවල මන්දිරයට පැමිණියේය.

බයිඩන්, ජනාධිපති සටනින් ඉවත් වන බව නිවේදනය කළේ පසුගිය සති අන්තයේය. ඉන්පසු බයිඩන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. මෙය සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කසුකුසුවක් නිර්මාණය කිරීමට හේතුවක් විය. බයිඩන්, 81 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තා බයිඩන්ය.

නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන් සූදානමින් සිටියත්, ඔහුගේ වයස ඔහුට බාධාවක් විය. එහෙයින්, ඩිමොක්‍රටික් පක්ෂයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙද්දී බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූ අතර, ජනපති ධුර අපේක්ෂකත්වයට උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කළේය.

බයිඩන් ඉකුත් සතියේ යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනුණි. වෛද්‍ය උපදෙස් අනුව බයිඩන්, ධවල මන්දිරයෙන් පිටවී, ඔහුගේ ඩෙලවෙයාර් ජනපදයේ ඔහුගේ නිවසට ගොස් විවේකීයව ගත කළේය. වෛද්‍යවරුන් පැවැසුවේ, බයිඩන් යළි ධවල මන්දිරයට පැමිණියේ ඇන්ටජන් පරීක්ෂණයකට යොමු වී, තව දුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වී, ‘මම දැන් සුවෙන්’ යැයි පවසමිණි.