බයිඩන් යුක්රේනයට එනවා රුසියාවට කලින් දැනුම් දීලා


ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණෙන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ තමන්ට කල් තියා දැනුම් දී තිබුණු බව රුසියන් ෆෙඩරල් බුද්ධි අංශ ප්‍රධානී බෝර්ට්නිකෝව් පවසයි.

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සහ වෙනත් ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් මත ගැටුම් පැවැතියත්, ආරක්ෂක අංශ සහ බුද්ධි තොරතුරු දෙරට අතරේ හුවමාරු වෙයි.

බයිඩන් කීව් අගනුවරට පැමිණෙන බව ඇමෙරිකානුවන් පවා දැන සිටියේ නැත. ඒ බව දැන සිටියේ ඇමෙරිකන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ, යුක්රේන ආරක්ෂක අංශ සහ රුසියන් ආරක්ෂක අංශ පමණක් යැයි මේ වනවිට තහවුරු වී තිබේ.

කෙසේ නමුත් බයිඩන් කීව් අගනුවරට පැමිණෙන බව දැනගත් විට රුසියන් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පවසා ඇත්තේ ජනාධිපති බයිඩන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට සහතිකයක් ලබා දීමට නොහැකි බවය.

(රොයිටර්)