බයිඩන් සමාව ගන්න ඕනෑ - රුසියාව


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් 'ඝාතකයකු' බව තමන් විශ්වාස කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ.

බයිඩන්ගේ ප්‍රකාශය මුල්කොට ගනිමින්, වොෂින්ටන් අගනුවර රුසියන් තානාපති ඇනටොලි ඇන්ටනෝව් යළි මොස්කව් නුවරට ගෙන්වා ගැනීමට පවා රුසියාව කටයුතු කළේය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති පුටින් 'ඝාතකයකු' බවටත්, රුසියන් ජනාධිපති පුටින් ඇමෙරිකන් ජනාධිපතිවරණයට 'ඇඟිලි ගැසූ' බවටත් කරන චෝදනා සියල්ල පදනම් විරහිත ඒවා යැයි රුසියාව තරයේ පවසා ඇත.

ඊට අමතරව, බයිඩන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනපති පුටින්ගෙන් සමාව ගත යුතු යැයි රුසියාව අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)