ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන් පිහිටි නිවසින්, තවත් රහස් වාර්තා හයක් හමුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
නිවසේ තිබී හමුවූයේ, බයිඩන්, 1973 සිට 2009 තෙක් කාලයේ ඩෙලවෙයාර් ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභිකයකු ලෙස කටයුතු කරද්දී, ඔහු අතට පත් වුණු රහස් ලියවිලි හයක් බව බයිඩන්ගේ නීතීඥ බොබ් බවර් පෙන්වා දී ඇත.
බයිඩන්ගේ නිවසේ තිබී මීට පෙර අවස්ථා දෙකකදී ද රහස් ලියවිලි හමුවිය. එම ලියවිලි බයිඩන්, 2009 සිට 2017 තෙක් කාලයේ උප ජනාධිපති ලෙස කටයුතු කරද්දී ඔහු අතට පත් වුණු ලියවිලි බව පැවැසෙයි.
ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දීය.
(ඒ.එෆ්.පී.)