රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවකු ලෙස හඳුන්වාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පියවර ගැනීමත් සමඟ රුසියාවත් ඇමෙරිකාවත් අතර පැවැති සියලු සබඳතා මේ වනවිට බිඳ වැටී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් ජනාපධිති බයිඩන්, පුටින් යුද අපරාධකාරයකු යැයි පැවැසූ පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ මෙම ප්‍රකාශය රුසියානු ජනාධිපති පුටින්ගේ හේතුවක් වී ඇති බව ද බටහිර මාධ්‍ය පෙන්වා දෙයි. රුසියානු ජනාධිපති පුටින් ‘යුද අපරාධකාරයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ, යුක්රේනයට කිසිදු සම්බන්ධයක් නැති උත්සවයකට සහභාගී වී සිටිද්දී, මාධ්‍යවේදීන් පිරිසක් ඔහු වට කරගත් අවස්ථාවේදීය.
බයිඩන් එසේ පවසා ඇත්තේ එම අවස්ථාවේදී ඔහුගේ සිතට නැගුනු සිතුවිල්ලක් අනුව යැයි ධවල මන්දිරය පසුව පැහැදිලි කළේය. කෙසේ නමුත්, බයිඩන්ගේ එම ප්‍රකාශ හේතුවෙන්, රුසියාවත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය තව තවත් උත්සන්න වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළේය.
‘තමන් යුද අපරාධකරුවකු ලෙස හැඳින්වීමට බයිඩන් පියවර ගැනීම සමාව දිය නොහැකි වරදක් යැයි රුසියන් ජනාධිපති පුටින් පවසා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
(රොයිටර්)