ධවල මන්දිරයේ ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් රැසක් සපා කෑ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ‘කොමාන්ඩර්’ නමැති ජර්මන් ෂෙපර්ඩ් බලු සුරතලා ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අවුරුදු දෙකක් වයසැති ‘කොමාන්ඩර්’ බයිඩන් යුවලගේ රැකවරණය හිමිවුණේ බයිඩන් ජනාධිපති ධුරයට පත් වී ධවල මන්දිරයට පැමිණෙද්දීය. ‘කොමාන්ඩර්’ 11 වතාවක් ධවල මන්දිර නිලධාරීන් සපා කා ඇතැයි පැවැසෙයි.
පසුගිය සතියේ ‘කොමාන්ඩර්’ගේ සපා කෑමට ලක් වූයේ ජනපති ආරක්ෂක අංශ නිලධාරියෙකි. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර පබා දීමට පවා සිදුවිය.
(බීබීසී)