ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ‘කොමාන්ඩර්’ නමැති බලු සුරතලා ජනපති ආරක්ෂක අංශ නිලධාරියකු සපා කා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
‘කොමාන්ඩර්’ ජර්මන් ෂෙපර්ඩ් බලු සුරතලෙකි. ‘කොමාන්ඩර්’ මීට පෙර 11 වතාවකදී ජනපති ආරක්ෂක නිලධාරීන් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩග සාමාජිකයන් සපා කා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ.
බයිඩන්ට ‘මේජර්’ නමින් තවත් බලු සුරතලෙක් ද සිටී. එම බලු සුරතලා ද නිලධාරීන්ට සපා කා ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘කොමාන්ඩර්’ බයිඩන් යුවළගේ රැකවරණයට පත් වූයේ 2021 වසරේය. ඒ ජනාධිපති ලෙස සහ ජනාධිපති ආර්යාව ලෙස යුවළ ධවල මන්දිරයට පැමිණීමෙන් පසුවය.
බයිඩන් යුවළට ‘විලෝ’ නමැති බළල් සුරතලකු ද සිටී.