බයිඩන්ගේ රෝගී තත්ත්වයේ යම් වර්ධනයක්


'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, වෛද්‍ය අධීක්ෂණය යටතේ, ධවල මන්දිරයේ හුදෙකලා වී සිටින ඇමෙරිකන් ජනාධිපති ජෙඩා් බයිඩන්ගේ රෝගී තත්ත්වයේ 'යම් වර්ධනයක්' පෙන්නුම් කරන බව ධවල මන්දිර වෛද්‍යවරු පවසති.

79 හැවිරිදි ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බවත්, ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට හෝ මේ අවස්ථාවේ ඔහු රෝහලකට ගෙන යෑම හෝ අවශ්‍ය නොමැති බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසා තිබේ.

ඊයේ (22) දිනයේ සොටු දියර ගැලීම, කැස්ස සහ ඇගපත වේදනාව බයිඩන්ගේ රෝග ලක්ෂණ විය. බයිඩන්ගේ උණ ගතිව මේ වනවිට පහව ගොස් ඇතැයි ද වෛද්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

වෛද්‍ය නිර්දේශ යටතේ බයිඩන්ට 'පැක්ස්ලොවිඩ්' වයිරස නාශක ඔසුව ද ලබා දෙයි. 'පැක්ස්ලොවිඩ්' යනු 'කොවිඩ් 19' රෝගීන් ඉක්මනින් සුවපත් කිරීම සදහා ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම නිපදවා ඇති ඖෂධයයි.

(රොයිටර්)