'කොවිඩ් 19' ආසිදාතයකු වූ ඇමෙරිකා ජනාධිපති 79 හැවිරිදි ජෝ බයිඩන් සුවය ලබා ඇති බවත්, ඔහුගේ අවසන් පීසීආර් පරීක්ෂණ වාර්තා 'නෙගටිව්' බවත් ධවල මන්දිරය පවසයි.
ඒ අනුව, නිරෝධායනයේ දින ගණනක් ගත කළ ජනපති බයිඩන්, සිය සුපුරුදු රාජකාරිවල නියැලෙනු ඇතැයි ද ධවල මන්දිරය අද (28) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ආසාදිතයකු නොවන බැවින් තව දුරටත් බයිඩන් ට නිරෝධානය වීමේ අවශ්‍යතාවක් නොමැති බව ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් ද පවසා තිබේ.
(රොයිටර්)