බලු මස් තහනම් කරනවා


දකුණු කොරියාවේ බලු මස් තහනම් කිරීමට එරට ජනාධිපති මූන් ජේ ඉන් සූදානම් වෙයි.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දකුණු කොරියානු වැසියන් බොහෝ දෙනකුගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දකුණු කොරියානුවන් බොහෝ දෙනා බලු මස් කෑමට ප්‍රිය නොකරන නමුත්, වාර්ෂිකව මිලියනයක් පමණ බල්ලන් මස් පිණිස මරා දැමීම සිදු කරයි. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් බලු සුරතලුන්ට ආදරය කරන අයකු බව ප්‍රකටය.

(ඒ.එෆ්.පී.)