බ්‍රසීල ජනපතිට දෙවැනි වරටත් කොරෝනා


බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මහතාට දෙවන වරටත් කොවිඩ් වයිරසය වැළඳී තිබේ. බ්‍රසීල ජනාධිපති ජොයිර් බොල්සනොරෝ යළිත් වරක් කොවිඩ් පරික්ෂණයට භාජනය වී ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත.

බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි.සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.පුද්ගලයින් 1,366,775 ක් පූර්ණ සුවය ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 13, 697, 662ක් දක්වා ඉහළ ගොස් තිබේ.ලොවපුරා රටවලින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 586,896කි.

( ගාඩියන් ඇසුරෙනි)

125