බ්‍රසීල ජනාධිපතිවරණයේදී කිසිඳු අපේක්ෂකයෙකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා දෙවැනි වටයකට යෑමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර් තා කළේය.
බ්‍රසීල ජනාධිපතිවරණය ඊයේ(02) පැවති අතර එහිදී අන්ත දක්ෂිණාංශික වත්මන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සරානෝ ඡන්ද 51,069,098 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 43.2 කි.හිටපු ජනාධිපතිවරයෙක් වන ලූලා ද සිල්වා ඡන්ද 57,246,442 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 48.4 කි.සෙනෙට් සාමාජික සිමෝන් ටෙබෙට් ඡන්ද 4,915,133 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.2 ක් විය.
හිටපු ජනාධිපති ලූලා ද සිල්වා සියයට 48.4 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයේ පෙරමුණ ගත්තත් එය දෙවැනි වටයකට යෑම වැළැක්වීමට ප්‍රමාණවත් නොවීය.බ්‍රසීල ජනාධිපතිවරණයකින් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට නම් තරඟ වදින අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුය.
ඒ අනුව බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.එළඹෙන 30 වැනිදා පවත්වනු ලබන බ්‍රසීල ජනාධිපතිවරණ දෙවැනි වටයේදී පළමු සහ දෙවැනි ස්ථාන ගත් ලූලා ද සිල්වා සහ ජනාධිපති ජෙයාර් බොල්සරානෝ තරඟ වදින අතර තමන්ගේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන්දැයි තීරණය කිරීමට තවත් සති 4 ක කාලයක් ලැබෙන බව දේශපාලන විචාරකයෝ පැවසූහ. බ්‍රසීල ජනාධිපතිවරණ ඉතිහාසයේ වසර 24 කට පසුව දෙවැනි වටයක් පැවැත්වීම විශේෂත්වයකි.
දුෂණ චෝදනා මත සිරගත වී සිටීම හේතුවෙන් 2018 වසරේ පැවති ජනාධිපතිවරණයට ලූලා ද සිල්වා ඉදිරිපත් වුයේ නැත.