බ්‍රසීලයේ සංචාරක බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටී සිදුවුණු අනතුරින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුර සිදුවූයේ ඊසානදිග බ්‍රසීලයේ බහියා ප්‍රාන්තයේය. අනතුරින් 6 දෙනකු තුවාල ලැබූ බවත්, ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් වාර්තා වේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.