දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ සිට ඇත්තේ, නියමුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ය. නිවාඩු නිකේතනයේ සිටි 17 දෙනකු ද අනතුරින් තුවාල ලැබූ බව පැවැසෙයි.
කඩා වැටුණේ ද්විත්ව ඇන්ජිමක් සහිත ‘පයිපර් පී.ඒ. 42-1000’ වර්ගයේ කුඩා සැහැල්ලු ගුවන් යානයකි. බ්‍රසීල සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව, යානය කඩා වැටුණේ ග්‍රැමාඩෝ පළාතේ නිවාඩු නිකේතනයකටය. ඒ, යානය කැනේලා නගරයෙන් ගුවන්ගත වී සුළු මොහොතක් යද්දීය.