බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළිත් වරක් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වැදීමට, යුක්රේන රජයට සහ හමුදාවට, බ්‍රිතාන්‍යය සහාය ලබා දෙයි. මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් මුදල් ආධාර, අවි ආයුධ පමණක් නොව, මිසයිල නාශක පද්ධති පවා යුක්රේනයට ලැබී ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාතය ජොන්සන්, පෙර දැනුම් දීමකින් තොරව, කීව් අගනුවර බලා පැමිණියේ ආරක්ෂක හේතූන් නිසාය. යුක්රේන හමුදා සොල්දාදුවන් පුහුණු කිරීමේ නව වැඩසටහනකට බ්‍රිතාන්‍ය හමුදාවේ සහාය හිමිවෙයි.
අග්‍රාමාත්‍ය ජොන්සන්, යුක්රේන ජනාධිපති සෙල්න්ස්කී හමුවූයේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. නව හමුදා පුහුණු වැඩසටහන යටතේ දින 120 ක් ඇතුළත යුක්රේන හමුදා සොල්දුදාවන් 10,000 කට බ්‍රිතාන්‍ය හමුදාවෙන් විශේෂ පුහුණුවක් ලබා දෙනු ඇතැයි ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ හොඳ මිතුරකු බවත්, අග්‍රාමාත්‍ය ජොන්සන් යළි කීව් අගනුවරට පැමිණීම තමන්ට ලොකු ශක්තියක් බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)