රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට පවුම් බිලියන 2.3 ක මුදලක් ලබා දීමට බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සූදානම් වෙයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය නිව්යෝක් නුවර පැවැත්වෙයි. දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල කටයුතු නිමා වූ සැණින්, අග්‍රාමාත්‍යවරිය නිව්යෝක් බලා පිටත්ව ගොස් සිටී.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ලිස් ට්‍රස් විදෙස් සංචාරයන නියැලෙන පළමු අවස්ථාව මෙයයි. ජගත් මහ සමුළුවට සමගාමීව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෝක නායකයන් කීප දෙනකු හමුවීමට ද බලාපොරොත්තු වෙයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී යුක්රේනයට සහාය පළ කරමින් අදහස් දැක්වීමට අග්‍රාමාත්‍යවරිය කටයුතු කරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි. ලිස් ට්‍රස්, රුසියන් විරෝධියෙකි.
(රොයිටර්)