බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් අර්බුදයක පැටලී සිටී. මෙම අර්බුදය නිර්මාණය වූයේ පසුගිය දා ලිස් ට්‍රස්, ඇය විසින් මුදල් අමාත්‍යවරයා (චාන්සලර්) ධුරයට පත් කළ ක්වාසි වාටන් එම ධුරයෙන් නෙරපා දැමීමත් සමඟය.
ක්වාසි වාටන්, කළු ජාතිකයකු වූ අතර, බ්‍රිතාන්‍ය කළු ජාතිකයකු මුදල් අමාත්‍යවරයා (චාන්සලර්) ධුරයට පත්වුණු පළමු අවස්ථාව එය විය. ක්වාසි වාටන්, මුදල් අමාත්‍ය ධුරය හෙබවූයේ සති 6 ක් පමණි.
අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, ක්වාසි වාටන් ධුරයෙන් නෙරපා දැමීම සිදු කළේ, රටේ ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය වන රජයේ බදු කප්පාදුවේදී බදු ප්‍රතිපත්ති දැවැන්ත ලෙස කප්පාදු කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමිනි.
මහා බ්‍රිතාන්‍යයේ බලයේ සිටින පක්ෂයේ නායකයා හෝ නායිකාව එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවයි. වර්තමානයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. ලිස් ට්‍රස් ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ මහජන ඡන්දයෙන් නොව, කොන්සවර්ටිව් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති පක්ෂ සාමාජිකයන් සහ නියෝජිතයන්ගේ ඡන්දයෙනි.
පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැති සටනේ දී ලිස් ට්‍රස් ට අභියෝගයක් එල්ල වූයේ ඉන්දීය සම්භවයක් සහිත පක්ෂ සාමාජික රිෂී සුනාක්ගෙනි. වර්තමානයේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දෙන අභියෝග හමුවේ ඇයට දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් රිෂී සුනාක්ට සහාය ලබා දෙන කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් විසින් ආරම්භ කරනු ලැබ ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)